Tuesday, April 9, 2024

ඇස්/සිරුර දන් දීමට

ඇස් දන් දීමට
ළදරු වියේ සිට මහළු විය දක්වා වයස සීමා බාධාවක් නැත. පැය 3ක් ඇතුළත ඇස් ලබාගත හැකි පරිදි 2692051 දුරකථන අංකය මගින් කොළඹ ඇස් බැංකුවට හෝ ළඟම ශාඛා සමිතියට දැනුම් දී ඇස් දන් දීම සිදු කළ යුතු ය.

පටක බැංකුවට සිරුරේ කොටස් දන් දීමට
මිය යන විට වයස අවුරුදු 70ට අඩු නම් පැය 12 ඇතුළත අවශ්‍ය පටක ලබා ගැනීමට සිරුර පටක බැංකුවට ගෙන ආ යුතු ය. සිරුර නැවත අවශ්‍ය නම් ආපසු භාර දිය හැකි අතර අවශ්‍ය නොවේ නම් වැඩිපුර කොටස් ද ලබාගෙන සිරුර සංගමය මගින් මිහිදන් කෙරේ.

වෛද්‍ය විද්‍යාලයට සිරුර භාර දීමට
වයස් සීමාවක් නැත. කොළඹ, රාගම, පේරාදෙණිය, රුහුණු වෛද්‍ය විද්‍යාලවල හෝ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයේ යොදා ඇති වැඩපිළිවෙළ අනුගමනය කිරීමට භාරකරුවන් කලින් දැනුවත් කර තබන්න.