Monday, July 8, 2024

ගෝඨා රටට කළ දේ මොනවාද?

  1. බිරිඳට බලු පැටවකු ගෙන ඒම සඳහාම වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම
  2. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් LTTE රත්තරන් රාජපක්ෂලාට භාරදීමට හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම 
  3. රාජපක්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ලෙස මිය යෑම
  4. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන් බිලි දීම 
  5. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම
  6. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම
  7. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම 
  8. කොළඹ තදාසන්න ප්‍රදේශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධවූවන් සුදු වෑන් වලින් පැහැරගැනීම
  9. කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම
  10. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම 
  11. රජයේ මුදල් කෝටි 9ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4ක හිඟයක් තිබීම
  12. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම Shangri-La හෝටලය සඳහා විකුණා මිලියන 40ක කොමිස් ප්‍රමාණයක් ගැනීම
  13. Tata සමාගමෙන් මිලියන 550ක අල්ලස් ගැනීම 
  14. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම
  15. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට ඇමරිකාව සමග ගිවිසුම් ගැසීම
  16. වීරවංශගේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේදී ඉහළ පොළිස් නිළධාරීන්ට තර්ජනය කර එළවාදමා නීතිය නැවීම 
  17. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ නොමැති බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ගෙවුවා කියා ඩොලර් මිලියන 8 ½ක් වංචා කිරීම
  18. මිග් වංචාවේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ලෙස මිය යෑම. ලංකාවට ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් හෝ පැවැත්වීමට ඉඩ නොදීම 
  19. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහරදී අත පය කඩා දැමීම
  20. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක්ෂිත කලාපයකදී මහදවල් ඝාතනය කිරීම
  21. කොළඹ කටුගේ කඩා වටිනා පෞරානික කඩු සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම 
  22. කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව සොරකම් කිරීමට ගොස් විහාරාමාධිපති දෙනම ඝාතනය කිරීම
  23. කෝට්ටේ කඩු සොරකම ගැන රාජපක්ෂලාට එරෙහිව අධිකරණයේ සාක්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27ක් නම් අඬගසා ඝාතනය කිරීම 
  24. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම, විශාල පිරිසකට පහර දීම
  25. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම 
  26. විශ්‍රාම වැටුපකට මුවාවී තම අර්ථසාධකය කොල්ලකෑමට එරෙහිව සටන් කළ කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව යෙදවීම 
  27. 'ගෝඨා කුඩු කාරයන් සමග එකතුයි' යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම 
  28. රාජපක්ෂලාගේ දූෂණ හෙළිදරව් කළ එවක Transparency Internationalහි විධායක අධ්‍යක්ෂ ධූරය දැරූ ජනාධිපති නීතිඥ J.C. වැලිඅමුණගේ නිවසට බෝම්බ ගැසීම
  29. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26කට මාස් පඩි ගෙවීම 
  30. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම
  31. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා, බොදුබල සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම