Sunday, September 15, 2024

BDSM

තවමත් ලංකාවෙ එළිපිට කතා නොකරන මාතෘකාවක් වුණත් ගොඩාක් අය දැන් BDSM ගැන දන්නවා. කොහොම වුණත් එක එක මතවල ඉන්න අය ඉන්නවා. ඒක නිසා, මෙතුවක් කාලෙකට විවිධාකාර තැන් වලින් අහපු දැකපු දේ අමතක කරලා මේ ලිපිය කියවන්න කියල බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.

BDSM ගැන කතා කරද්දි අපිට D/s හෙවත් Dominant/submissive lifestyle එක ගැන කතා නොකරම බෑ. මොකද BDSM තනිකරම පදනම් වෙන්නෙ ඒක මත. කෙටියෙන් කීවොත් Dominant කෙනෙක් කියන්නෙ අධිපතියෙක්. ආඥා දායකයෙක්.

මෙයාගෙ වගකීම තමන්ගෙ submissive/submissives ව ආරක්ෂා කිරීම, මඟපෙන්වීම සහ ප්‍රීතිමත්ව තැබීම. අනික් අතට submissiveගෙ වගකීම තමයි යටහත්ව උපදෙස් පිළිපැදීම සහ Dominantව සතුටින් තැබීම. ඔය සරලව කීවෙ. මොකද සෑහෙන්න ගැඹුරු subject 1ක්. ඉතිං ඇත්තටම මෙතනදි වෙන්නෙ බල හුවමාරුවක්. (Power exchange) 1ක්. Submissive කෙනෙක් තමන්ට තමා කෙරෙහි තියන තීරණ ගැනීමේ ස්වාධිපත්‍යය, Dominant කෙනෙක්ට තමාගේ කැමැත්තෙන්, විශ්වාසය මත පවරා දෙනවා. එතනදි contract 1ක් ඇති වෙනවා. සමහරු මේක කඩදාසිවල ලියලා අත්සන් කරනවා. තව සමහරු හිතේ තියාගන්නවා.

ඉතිං මේ contract එකේ ඇතුලත් වෙනව තම තමාගේ සීමාවල්. මිනිස්සුන්ට එක එක limits තියෙන්න පුළුවන්. සමහරුන්ට රෑට ඇහැරිලා ඉන්න බෑ වගේ.

ඉතිං මේ contract එකේදි sub කෙනෙක් තමන්ගෙ සියළුම hard limits (ඒ කියන්නෙ එතනින් එහාට කොහොමටවත් යන්නෙ නෑ) සහ soft limits (සමහර තත්ත්ව යටතේ ඒ සීමාවෙන් එහාට උත්සාහ කරන්න පුළුවන්) මේ contract එකේ සඳහන් කළ යුතුමයි. ඒ වගේම හැම Dom කෙනෙක්ම මේ සීමාවල් වලට ගරු කළ යුතුමයි.

මොකද මේක තනිකරම... මං ආයෙත් කියනවා, "තනිකරම" විශ්වාසය මත පදනම් වුණ lifestyle 1ක්. දෙපාර්ශවයෙන් 1ක් හරි විශ්වාසය කැඩුවොත්, ඒක බිඳ වැටෙනවා. ඉතිං contract 1ට Domගේ අවශ්‍යතාවලුත් ඇතුලත් වෙනවා, තමන් subට කරන්න බලාපොරොත්තු වෙන දේවල්...

විශේෂයෙන් තමන් වැඩියම ආස කරන ක්‍රියාකාරකම් වගේ දේවල්. ඉතිං මේ Dom/sub ලගෙ කටයුතු සිද්ධ කරන ක්‍රමවේදයක් තමයි BDSM. මේක වේදනාව මඟින් සතුට සොයාගැනීමේ ක්‍රමයක් කියලත් කියන්න පුළුවන්.

BDSM කියන අකුරු 4න් වචන 4ක් සංකේතවත් වෙනවා...
= Bondage - බන්ධන (බැඳ දැමීම/ගැට ගැසීම)
= Dicipline/Dominance - විනය පවත්වාගැනීම/ආධිපත්‍යය
= Sadism - පරපීඩක කාමුකත්වය
= Masochism - ස්වපීඩක කාමුකත්වය

මගේ පෞද්ගලික මතය අනුව අර අන්තිම වචන 2ට තියන සිංහල තේරුම් වැරදියි. මොකද ඒව ඇහුව ගමන් මනුස්සයෙක්ට භය හිතෙන එක පුදුමයක් නෙවෙයි. "සබ්බේ තසන්ති දණ්ඩස්ස" කියල බුදුරජාණන් වහන්සේත් දේශනා කළානේ. ඉතිං මේ පීඩා කිරීමක් කියන එක ඇත්තටම මෙතනදි වෙන්න විදියක් නෑ.

කෙනෙක් දෙයක් ආසාවෙන් කරද්දී/කරගනිද්දී ඒක පීඩාවක් වෙන්න පුළුවන්ද? මට අනුව නම් බෑ. වේදනාවක් වෙන්න පුළුවන්, නමුත් සුන්දර වේදනාවක් මිස පීඩාවක් නම් නෙවෙයි.

Dominant/submissive චරිත, ස්වභාවය අනුව වර්ග වලට බෙදල තියනව.

  • Master/Mistress/slave
    D/s වල වඩාත් උග්‍ර ක්‍රියාකාරකම් කරන කුලකය. මේ අය කරන දේවල්වල video බලලා තමයි මිනිස්සු BDSM ගැන හාත්පසින්ම වැරදි මතයක් ගොඩනගාගෙන තියෙන්නේ.
  • Dominant/Dominatrix/submissive
    D/s වල මධ්‍යම ප්‍රතිපදාව කියන්න පුළුවන්. මං මේ ලිපියෙදී ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ මේ කුලකය.
  • Daddy Dominant/Mommy Dominant/ little girl/little boy
    D/s වල ටිකක් ව්‍යාකූල, ඒත් සුන්දර කුලකයක්. මෙතනදී Daddy කියන්නෙ තාත්තට නෙවෙයි. Mommy කියන්නෙ අම්මටත් නෙවෙයි. සමහර අය ඉන්නවා, වයසින් වැඩිහිටියෝ වුනත්, සිතින් තවමත් පොඩි දරුවෝ.
    ඉතිං මෙයාලව පියෙක් වගේ මවක් වගේ රැකබලා ගැනීම මේකෙන් අදහස් වෙනවා. ඒ කියන්නෙ ඒ Daddy/little වගේ නම්... ඒ දෙන්නා විතරක් ඉද්දි little තමගෙ little space එකේ ඉන්න බව ඒ කියන්නෙ පොඩි ගෑනු ළමයෙක් වගේ... Teddy bearලව වටකරගෙන එහෙම.... තේරෙන්න ඇති කියල හිතනවා.
  • අවසාන කාණ්ඩය තමා switches
    මේ ගොල්ලන්ට Dominantsලා වගේම submissivesලා විදියටත් කටයුතු කරන්න පුළුවන්. අවස්ථාවෝචිතව තමන්ගෙ role 1 switch කරගන්න පුළුවන්.

BDSM කියපු ගමන් තවමත් ශ්‍රී ලාංකික ජන සමාජය බලන්නෙ විකෘති ආශාවක් විදියට. ඕව කරන එවුන් අසහනකාරයො, පිස්සො, වලත්තයො වගේ පුදුමාකාර හංවඩු ගැහීමකට ලක්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට දෙයක් ගැන සැකයක් තියන තාක්කල් ඒක එක්කෝ දෙවියන්ගෙ වැඩක්, නැත්තම් පවක්.

අනික් අතට BDSM සමාජගත වෙලා තියන විදිය බැලුවම එක අතකට එහෙම හිතන එක අසාධාරණ නෑ. ඒ වගේම ගොඩක් අය හිතන් ඉන්නව BDSM තියෙන්නේ ලංකාවෙ ඉහළ පැලැන්තියේ අය අතර විතරයි කියලා. ගොඩක් අය BDSM ගැන යම්තමින් හරි අහල තිබුණට D/s lifestyle එක ගැන දන්නෙ ඉතාම අතළොස්සයි.

මොන දේක වුණත් මුල නොදැන අග විතරක් දැනගැනීමෙන් ඇතිවෙන්නේ නරක ප්‍රතිපල. ඉතිං හරියාවිද?

BDSM කියන්නෙ D/s lifestyle එකේ practical පැත්ත. ආදරය සහ විශ්වාසය මත පදනම් වුණ ලිංගික හෝ ලිංගික නොවන ක්‍රියාකාරකම් දාමයකට. Sex කියන දේ අනිවාර්ය දෙයක් නෙවෙයි.

ඒක එකිනෙකාගෙ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. වැදගත්ම දේ.... BDSM වලදි කිසිම පාර්ශ්වයක් වධහිංසාවලට ලක් වෙන්නේ නෑ. මොකද හැම දෙයක්ම පෙර දැනුවත් කරනවා, ඊට අමතරව අදාළ අවස්ථාවේ භාවිත කරන්න safe words කලින් කතා කරගෙන තියෙනවා. ඒ වගේම, අවශ්‍ය ආරක්ෂිත පියවර අරගෙන තියනවා.

කලින් දැනුම් නොදීපු කිසිම දෙයක් අනෙක් පාර්ශ්වයේ අකමැත්තෙන් සිදු වෙන්නේ නෑ. එහෙම වුණොත් බිඳ වැටෙන්නේ විශ්වාසය.

විශේෂයෙන්ම BDSM වල පරමාර්ථය තමයි සම්බන්ධ වෙන පාර්ශ්ව 2ම තෘප්තිමත් වීම. ඉතිං 1 පාර්ශ්වයක් අගතියට පත් වෙන්න ඉඩක් නෑ.