Saturday, May 11, 2024

මරණයෙන් පසුව සිදු කෙරෙන අවසන් කටයුතුවලට අදාළ අන්තිම කැමති පත්‍රය

මෙම අන්තිම කැමති පත්‍රය රුවන් කාරියවසම් නමැති මගේ මරණයෙන් පසුව සිදුකෙරෙන අවසන් කටයුතු සම්බන්ධව මගේ ඥාතීන් ඇතුළු අදාළ සියලු දෙනා වෙත කෙරෙන කාරුණික නියෝගයකි.

යහපත් මානසික මට්ටමකින්ද, ආගම් පිළිබඳව මනා අවබෝධයකින්ද, යහපත් කල්පනා ශක්තියකින්ද යුතු මම මගේ මරණයේ අවසන් කටයුතු පහත දැක්වෙන පරිදි කළ යුතු බව ප්‍රකාශ කරමි.
  1. මරණයෙන් පසුව, කිසිදු ආගමකට අදාළව, කිසිදු ආකාරයක, ආගමික වතාවත් නොකළ යුතු ය.
  2. මරණයට පසුව ඒ හා සම්බන්ධ අනුස්මරණ පින්කම් නොකළ යුතු ය.
  3. මරණයට අදාළ කටයුතු ඉතාමත් සරල ආකාරයෙන් අවම වියදමින් කළ යුතු ය.
  4. ඇස් පැය 3ක් ඇතුළත ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ද (දායක අංකය: 897177), මිය යන විට වයස අවුරුදු 70ට අඩු නම් පටක හා අවශ්‍ය කරන සියලුම ශරීර කොටස් ලබාගෙන දේහය මිහිදන් කිරීමට පැය 12 ඇතුළත සිරුර පටක බැංකුවට භාර දිය යුතු ය.